
හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ යළිත් වතාවක් වැඩවර්ජනයකට යොමුවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළා.
ඒ, මුදල් අමාත්‍යාංශය සමග අද පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන්.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.