
මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
දරුවන්ට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි ඔහු කියා සිටියේ.
හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවත් මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කළා.
දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියා.