
බිත්තරයක මිල අද සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගැනීමට හේතු වූයේ බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් බවයි සංගමය පෙන්වා දෙන්නේ.
ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර, සිල්ලර මිල රුපියල් 63ක් දක්වා වැඩිවිය හැකි බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තවදුරටත් කියා සිටියේ.