
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අමෙරිකාව බලා පිටත්ව ගියා.
අද අලුයම 2.50ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 284 දරණ ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටව ගොස් ඇති ඔහු පසුව අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් බිහිකිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙහි ඉදිරි වැඩකටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි.