
පසුගිය වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීමේ අවස්ථාව මේ වනවිට පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව, 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා හෙට සිට සිට මේ මස 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමේ අවස්ථාව පවතිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාවද ලබාදී තිබෙනවා.