
සෞඛ්‍ය, පොදු ගමනාගමන සේවා, දුම්රිය සහ තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙන බව එම අති විශේෂ ගැසට් නිවේදනය සඳහන්.
ඒ අනුව රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා දුම්රිය මාර්ග මගින් ගමනා ගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමේ සේවා තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙනවා.