
සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල අද (14) රාත්‍රී සමත් වුණා.
මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 ක පහසු ජයක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 267 ක ඉලකක්ය ඕවර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වුණා.
පැතුම් නිස්සංක තවත් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 101 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 118 ක් රැස්කිරීමට සමත් වුණා.
අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කදී ලකුණු 91 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්.
ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 138 කින් ලකුණු 173 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළා.