
නුවර එළිය නගර සීමා ප්‍රදේශයන්ට මේ දිනවල ඇඳහැළෙන සුළු වර්ෂාවත්, ඒ සමඟ ඇතිවන ඝණ මීදුම් තත්ත්වයත් නිසා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් රිය ධාවනය කරන්නැයි නුවරඑළිය පොලීසිය දැනුම් දීමක් කරනවා.
ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනෙන්නේ නම්, සෑම විටම ආලෝක සංඥා දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ඔවුන් දැනුම් දෙනවා.
හාවාඑළිය, බොරලන්ද, උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය, නානුඔය, තලවාකැලේ, හැටන් ප්‍රධාන මාර්ගය, නානුඔය, රැදැල්ල කෙටි මාර්ගය, නුවරඑළිය, මීපිළිමාන, පට්ටිපොළ, ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි ගමන්කරන විට විශේෂ අවධානයක් යොමුකළ යුතු වනවා.