
තමා සහ කුඩු සළිඳු කුඩා කල සිට හොඳ ම මිතුරන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගියදා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ “පියුමා” ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝග මත ඔහුගෙන් රඳවාගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීයි.
"පියුමා" නැමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේදී සමීප ව ඇසුරු කළ කාන්තාවක් ඊයේ අලුයම දිවයිනට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරුණු අතර, එම කාන්තාවගෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඇය පියුමාගේ බිරිඳගේ මිතුරියක බව තවදුරටත් සඳහන්.