
බදුල්ල සිට කොළඹ - කොටුව බලා ධාවනය වූ “උඩරට මැණිකේ” සීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරුවේදී පීලි පැනීමට ලක්වුණා.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා හටගෙන ඇති අතර, ඒ සමගම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පීලි පැනීමත් සමග සිල්පර කොට විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, දුම්රියේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


