
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 187 ක් රැස්කළා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 51 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42 ක් ලබා ගත්තා.