
ආරච්චිකට්ටුව - මයියාව ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
සිය දරුවා සහ වෙනත් දරුවෙකු උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය මෙලෙස අද පස්වරුවේ දුම්රියේ ගැටී ඇති බව සඳහන්.
කොළඹ - කොටුව දුම්රිය ස්ථානයෙන් දහවල් 12.05 ට පුත්තලම බලා ධාවනය වූ දුම්රියේ ඔවුන් ගැටී තිබුණා.
ආරච්චිකට්ටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.