
පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටියේ පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපය සඳහා ගිගාවොට් පැය 46ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවයි.
එසේම, පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයද සීමා කර ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වනවිට එය 20%ක් දක්වා අඩුකර ඇති බව සඳහන් කළා.
මේ හේතුවෙන් විදුලිය භාවිත කිරීමේදී හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් එය භාවිත කරන ලෙසට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.