
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා තිබෙනවා.
ඒ, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදීයී.
ගුණතිලක රාජපක්ෂ මහතා මෙලෙස තාවකාලික පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායකහිමිවරුන්ගේ උපාධ්‍යායෙන් යුක්තව ආගමික වතාවත් අනුව අද පෙරවරුවේ පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් ඔහු පැවිදි භාවයට ඇතුළත් වුණා.
කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුළත් වීමද සිදුවී තිබෙනවා.
දැඩි කාර්යබහුල ජීවීතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්වී ඇති මනස සන්සුන් කරගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත්වීමට තීරණය කළ බවද මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවද පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි එහිදී පෙන්වා දුන්නා.