/
/
title icon
මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට.
මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට.
Niroshan Hathurusinghe
1 year ago
Share:
මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට.

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ  ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය  කිරීමට අද (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.

2015 දී මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේ දී  ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළ හෙයින් අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්  ඉඩම රජයට පවරා ගත් බව අමාත්‍යවරයා කීය. 

ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරන බවද  අවාසනාවකට මෙන් පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කල බව ද අමාත්‍යවරයා  පැවසීය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required