
මෙම වසර සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින් බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් පසුබෑමක් ඇතිවූවත්, මේ වනවිට එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට සහභාගි වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියේ 2015 වසරේ දී ආරම්භ කරන ලද මෙම සංගමය මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සේවා සැපයීමෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බවයි.