
විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ආර්ථිකය කඩාවැටුණු පවුල්වල දරුවන් ලක්ෂයක පමණ පාසල් ගමන අතරමඟ නතර වී ඇති බවට ආර්ථික පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණ වුණා.
එම සභාවේදී ප්‍රකාශ වූයේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් මහජන උපයෝගිතා කොමිසම ඊට වගකිව යුතු බවයි.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් පසුගිය වසර තුළ කර්මාන්ත දෙලක්ෂ පනස් දහසක් පමණ වැසී ගොස් ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වුණා.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට ඊයේ කර්මාන්ත අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවා තිබුණා.
එහිදී අනාවරණ වුණේ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් 2023 දෙසැම්බර් 31 වනවිට දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම්ද 1,069,000ක් සිදුව ඇති බවයි.
ඊට නිවාස, කර්මාන්තශාලා, ආගමික ස්ථාන මෙන්ම පාසල් ද ඇතුළත්.
මේ හේතුවෙන් එම වසර තුළ කර්මාන්ත 250,000ක් පමණ වැසි ගොස් ඇති අතර, කර්මාන්ත ශාලා 214,000ක් ස්ථිරවම වැසී ගොස් ඇති බවට හෙළි වුණා.
තවත් කර්මාන්තශාලා 50,000ක් පමණ තාවකාලිකව වසා දමා ඇති අතර, ඉදිරියේදී සිදුකරන්නේ කුමක් ද යන්න පිළිබඳ එම කර්මාන්ත හිමිකරුවන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.