
ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක ජීවත් ව සිට ඇති අතර, නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මරණකාරියගේ ස්වාමි පුරුෂයා මේ වන විට ආරච්චිකට්ටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්නකිරීම්වල දී සඳහන් කර ඇත්තේ, පොල්අතු පැල ගිනි ගන්නා විට තමන් ඉක්මනින් එළියට පැන දිවි ගලවා ගත් බවයි.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.