
නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාන්තිව් දූපත නිරීක්ෂණ කිරීමට ඊයේ එම ස්ථානයට ගිය අවස්ථාවේදීයි.
මාන්තිව් දූපත අක්කර 100ක පමණ වපසරියකින් යුක්තයි.
කොවිඩ් සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැළඳුන ගුවන් හමුදා නිලධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ මාන්තිව් දූපතේ මේ වනවිට ලාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින බවත් ඊට වඩා ඵලදායී කාර්ය්‍යක් එයින් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පවසනවා.
එබැවින් එම ලාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝ වන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.