
ජනවාරි මාසයට සාපේක්ෂ ව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහෙත්, වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී තිබෙනවා.
ජනවාරි මාසය වන විට 60කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධිඅවදානම් කලාප සංඛ්‍යාව ද 24ක් දක්වා පහත බැස ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.
ඒ අනුව පෙබරවාරි මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව 5,181ක් බව ඔවුන් පවසනවා.
එහෙත්, ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගින් 10,417 දෙනෙකු හඳුනා ගැනුණු අතර, එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව ඉතා ඉහළ සංඛ්‍යාවක්.
ඒ අනුව මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රොගින් 15,598 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
පෙබරවාරි මාසයේ දී වැඩි ම රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 3,359ක් වනවා.
යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 3,245 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,324ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,052ක් හඳුනාගෙන තිබෙනවා.