
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා.
එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවයි.
ඉදිරියේදී ඩිල්ෂාන් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවත්, ඔහුගේ සටහනේ දැක්වෙනවා.
මේ අතර, එහිදී මන්ත්‍රීවරයා විසින් ඩිල්ෂාන්ගේ දියණිය වන රෙසඳි ගැන ද සඳහන් කර ඇති අතර, ඇයගේ ක්‍රිකට් අනාගතයටද සුබපැතුම් එක් කළා.