
අද දිනයේදී සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.
එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බවයි ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ගුවන් සේවය කියා සිටියේ.
එසේම, ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සියලු මගීන්ගෙන් සමාව අයදින බවද නිකුත් කළ නිවේදනයේ සඳහන්.
නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරන බවද එහි තවදුරටත් සඳහන්.