
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දුන්නා.
කතානායකවරයා මේ බව තහවුරු කළ අතර, ඔහු ලිපියක් යොමු කරමින් තමන් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තරුණ නායකත්වයක් ලබාදීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳ අපේක්ෂාභංගත්වයට පත්වීම පිළිබඳ අදහස් පළ කර තිබුණා.
එසේම, ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසම දැනුවත් කිරීමටද කටයුතු කළා.