
මාර්තු 05 වනදා ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළා.
ඒ අනුව එය සජීවීව සිදුකරනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ සඳහා සහාය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක්ද සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔවුන් එම ලංසු ඇගයීම සිදුකිරීමෙන් අනතුරුව අවසානයේ එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් සඳහන් කළේ.