
මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී අද දහවල් විදුලි ගාස්තු පහත හෙලීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලැබුවේ නැහැ.
කෙසේ වෙතත්, විදුලි ගාස්තුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කියා සිටියේ.