/
/
title icon
අගමැති දිනේෂ් පැමිණි හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක්ද?
අගමැති දිනේෂ් පැමිණි හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක්ද?
Editor
11 months ago
Share:
අගමැති දිනේෂ් පැමිණි හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක්ද?

රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රීඩාංගණයේ ගොඩ බැස්සවීමට යාමේ දී මාතර තානායමේ වහලයට හා එහි ආහාර පානවලට අලාභ හානි සිදු වී තිබෙනවා.

ඒ, එම යානයේ ඇති වූ බව කියන කාර්මික දෝෂයක් හේතුවෙන්.

මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවයි, ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිඟන්වලට ද වැලි, දූවිලි හා කුණු රොඩු වැටී ඇති බව සඳහන්.

ඉන් ඔවුන් දැඩි දුෂ්කරතාවයට සහ දැඩි බියට පත් වූ බවයි, මාතර තානායමේ කළමනාකාරීත්වය සඳහන් කළේ.

එමෙන් ම බුෆේ කෑම මේසයේ ආහාර සියල්ල ඉවත් කිරීමට සිදු වූ බව සඳහන්. පිඟන් සහ කෝප්ප විනාශ වූ බවට ද තොරතුරු වාර්තා වනවා.

එහි තැබෑරුමේ වහලය සහ අවන්හලේ උලු කැට ගැලවී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required