
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව ඊයේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සමන් රත්නායක, මාර්තු 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
එහිදී ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී රක්ෂිත මේ මස 14 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.