
ගාල්ල - නාගොඩ - වලකුඹුර ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ දෙදෙනෙක් ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ලබාගෙන අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ තිබුණා.