
ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල අමෙරිකානු ඩොලර් 2,141යි ශත 59ක් ලෙස ඊයේ වාර්තා වුණා.
පසුව ඒ මිල ඩොලර් 2,130ක් ලෙස සමනය වීමක් දක්නට ලැබුණා.
පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
මාස 06ක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
අවුරුද්දක කාලයෙ සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.