/
/
title icon
උඩප්පුවේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට වැඩ වරදී
උඩප්පුවේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට වැඩ වරදී
Editor
11 months ago
Share:
උඩප්පුවේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට වැඩ වරදී

උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තාවකාලිකව ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ගම්වාසීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඊයේ රාත්‍රියේ සිදුවී තිබූ මෙම පහරදීමත් සමග හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලීසිය කැඳවීමටද පියවර ගැනුණාා.

පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 9.30ට පමණ ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරයි.

පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු වීඩියෝගත කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required