
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද පවත්වනු ලැබුවා.
මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජාතිකජන බලවේගය පැවසුවේ.
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කියුබානු රජයේ සහයෝගීත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් ගිවිසුම්ගතවීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් එවැනි ව්‍යාපෘති තවත් මහද්වීප තුනක රටවල් සමඟ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් ඇති බවත් තානාපතිවරයා සඳහන් කළ බවත් ඔවුන් තවදුරටත් සඳහන් කළා.