
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (10 වැනිදා) දක්වා එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ එක මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීම නිසා මෙලෙස දුම්රිය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් සහ ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීම සඳහා කාණු කැපීම යන කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.