
බොරැල්ල මංසන්ධියේ වාහන 4ක් ගැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා.
මෝටර් රථයක් අධික වේගයෙන් ගමන් කර නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් ඒ අසලින් ගමන්ගත් තවත් වෑන් රථයකට හා මෝටර් රථයකට ද හානි සිදුව තිබුණා.
අනතුරින් කිසිවෙකුත් බරපතළ තුවාල නොමැති බව ද වාර්තා වනවා.