
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි.
මේ වනවිට මාස කිහිපයක් පුරා රට තුළ පවතින්නේ උණුසුම් අධික කාලගුණ තත්ත්වයක්.
මේ හේතවෙන්, ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතයට හුරුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.