
පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකතන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසයි.
පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.