
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.
අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙනවා.
එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදායී.
ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්, 04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.