
2027 වසරේදි 2018 වසරේ මෙරට තිබු ආර්ථික තත්ත්වය යළි උදා කරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ කොළඹ පැවති වැඩසටහනකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවයි.
රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණා.
"සවිමත් අනාගතයට පෙරවදනක් – 2024" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේදී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.