
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට පසුගිය සතියේදී දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අපේක්ෂාව වී ඇත්තේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන් නුදුරේදීම ඉවත් කිරීමටයි.
ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ තත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතල හිඟයක් මතුව ඇති බවද සඳහන්.