
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට රජයේ ප්‍රධානීන්ගේ වැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.
සාකච්ඡාවට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමට බව රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයට මේ මොහොතේදී මුහුණ දීම වඩාත් සුදුසු බව එම සාකච්ඡාවලදී වැඩි දෙනාගේ අදහස වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ප්‍රථම රැලිය සංවිධානය කරනු ලැබුවේ එම අරමුණින් බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලින් පසු පැවැත්වෙන මැතිවරණය කුමක්දැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට රජය බලාපොරොත්තු වනවා.
කෙසේ වෙතත්, ආණ්ඩුවේම තවත් පාර්ශවයක් මහ මැතිවරණය මුලින් පැවැත්වීම යෝග්‍ය බව පෙන්වා දී ඇති බව වාර්තා වනවා.