
ලබන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ඇරැඹීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල එය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව කලාපයේ තෝරා ගන්නා කුඹුරු හෙක්ටයාර් 500ක කීරි සම්බා වගාව සිදු කරන අතර, එම වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට බිත්තර වී ඇතුළු පහසුකම් නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පැරෂුට් තාක්ෂණය උපයෝගි කර ගනිමින් කීරි සම්බා වගා සංග්‍රාමය ඇරැඹීමට නියමිතයි.
කෘමිනාශක හා වල්නාශක මෙන්ම පොහොර යෙදීමද ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට දේශීය වෙළෙඳපළේ කිරි සම්බා සඳහා ඉහළ මිලක් පවතින අතර මිල ගණන් තීරණය කිරීම ගොවීන් අතට පත්ව තිබීම සුබදායි තත්ත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.