
ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිටින බවත්, ඒ පිළිබඳ අවසානයේ තීරණය වන්නේ පක්ෂ තීරණය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නියමිත කාලයට හෝ ඊට පෙර මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.
එබැවින් මහ මැතිවරණයකදී සැබෑ ජනමතය බැලිය හැකි බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා.