
ආසියානු සංවර්ධන බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
එම මුදලින් මිලියන 50ක් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිතයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සඳහා අර්ධ ණය ඇපකර සපයන සීමා සහිත ජාතික ණය ඇපකර ආයතනය හරහා රජයේ කොටස් දායකත්වය සඳහා මෙම ණය ආධාරය ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන් සියයට 52ක දායකත්වයක් සපයන බවයි.