
හෙට උදෑසන සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.
එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බවයි.
වෛද්‍යවරුන්ට ඉහළ නැංවූ DAT දීමනාවට සාපේක්ෂව අනෙකුත් වෛද්‍ය වෘත්තිකයින්ගේ දීමනාද ඉහළ නංවන ලෙසයි ඔවුන් පසුගිය සමයේ ඉල්ලා සිටියේ.