
රුසියානු ජනාධිපතිවරණය යළිත් වරක් ජය ගැනීමට වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත් වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ධුරයට තේරී පත්ව ඇති බවයි.
මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලයද වනවා.
කෙසේ වෙතත්, මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට දැඩි විවේචන එල්ල වනවා.
2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වැනිදායී.
මෙවර විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබුණා.
කලාප 29ක පළමු වරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයටද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පැවතියා.
2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්විය.
ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසිනි.
2021 වසරේදී ජනපති පුටින් අත්සන් තැබූ නියෝගයකට අනුව ඔහුට තවත් ජනාධිපති ධුර කාල දෙකකට තරග කළ හැකියි.
ඒ අනුව ජීවත්ව සිටියොත් 2036 වසර වනතුරු ඔහුට රුසියානු ජනාධිපතිධුරය දැරීමේ අවස්ථාවක් පවතිනවා.