
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් 05 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අනතුරුව සිදුකළ පිපිරීම්වලදී රඟහල ගිනි ගෙන දැවී ගියා.
ප්‍රහාරයෙන් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදී විපතට පත්වූවන්ට ශෝකය පළ කළා.
එසේම, හෙට දිනය රුසියාවේ ශෝකය දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කළා.