
කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් පහත දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමගයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්‌තේ.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමීමට පියවර ගැනුණා.