
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
සිල්හෙට් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 280 ක් රැස් කළ අතර, එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් ලබා ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 188 ක් පමණයි.
පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු බංග්ලාදේශ ඉනිමේ කඩුළු 04 ක් දවා ගත්තා.
දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 418 ක් ලබාගත් අතර, එහිදීද නායක ධනංජය ද සිල්වා ශතකයක් ලබාගත්තා.
ඔහු ලකුණු 108 ක් ලබාගත් අතර, දෙවැනි ඉනිමේදීද අනගි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් රැස් කළා.
අනතුරුව ලකුණු 511 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය තරගයේ සිව්වැනි දිනයේදී ලකුණු 182 කට දැවී ගියා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 05 ක් දවා ගත්තා.



