
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
පසුගියදා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
අනතුරුව ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතු වූ අතර, පසුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනමින්වි මර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නා.