
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින "රැවුල් කුමාර" නැමැති සංවිධානාත්මක අපරාධකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ සිදුකළ හදිසි සෝදිසියකදී මෙම දුරකථනය සොයාගෙන ඇත්තේ.
එහිදී සැකකරු සතුව තිබී සිම්පතක්, ජංගම දුරකථනයක්, චාජර් හා අමතර බැටරියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.