
හිටපු පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අද අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර - බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයකු බවත්, ඔහු අරලියගහ මන්දිරයේ අවසන් වරට රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයකු බවත් සඳහන්.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටකට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස් දහසක පමණ ජාවාරම් මුදලක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සඳහා යොදාගත් කුඩා ලොරි රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.